විදෙස් ක්‍රීඩකයින් යළි ඉන්දියාවට එන්න බෑ කියයි – IPL කණ්ඩායම් දැඩි අසීරුතාවයක

ඉන්දු – පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අයි.පී.එල් තරගාවලිය මැයි මස 16 වන දිනට පෙර නැවත ආරම්භ කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 සිට මැයි 30 දක්වා මාරු කිරීමට අවස්ථාව පවතින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා එක්කරගෙන සිටි විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් රැසක් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඒ, යළිත් ඉන්දියාවට පැමිණීමට එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිය අකමැත්ත පළකිරීමත් සමඟයි.

මෙවර තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්; තරඟාවලිය නැවත ආරම්භ වුවහොත් යළි ඉන්දියාවට නොඑනු ඇති බව ඔහුගේ කළමණාකාරවරයා පවසනවා.

ඊට අමතරව හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ් ද යළි ඔවුන්ගේ මව්රටට ගොස් ඇති අතර, ඔවුන්ද යළි ඉන්දියාවට පැමිණීම නොහැකි බව දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තරගාවලිය සඳහා එක්ව සිටි නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද ඔහුගේ රටවල් වෙත දැනටමත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය අත්හිටුවීමෙන් පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව ගිය විදේශීය ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය නැවත ගෙන්වා ගැනීම මේ වනවිට කණ්ඩායම් සියල්ලට අභියෝගයක් වී තිබෙනවා.

  1. නියමයි… ලෝකේ අල්ලගන්න ක්‍රිකට් වලින් පවා ගේම් ගැසූ බල තන්හාවෙ නිමක් නැති ඉන්දීයයන් ට මේක හොද පණිවිඩයක්

  2. ඒ වෙනුවට එන්න වේලි වේලි ඉන්න සිරිලංකාවෙ කට්ටිය සැදී පැහැදී ඉන්නවා..
    ඕන අපායකට යන්න ඒ අය ලෑස්තියි සල්ලි දෙනවනම්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07