විදෙස් කතට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අල්ලයි

උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල කෝවිලට ආසන්න ස්ථානයක දී සැකකරු විසින් මෙම සෙරෙප්පු ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දුම්රිය මාර්ගයෙන් පිටත සිටින පුද්ගලයෙකු දුම්රියේ ගමන් ගත් විදෙස් ජෛත්ක කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවදානය යොමු වුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශන වලදීයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
1
හරි හිනා !
6
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
9
කුජීතයි !
15
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?