විදුහල්පතිනියකට මරණීය තර්ජන කළ තැනැත්තෙකු සොයා විමර්ශන

පාසල් වේලාව තුළ විදුහල්පතිනියකට දුරකථනයෙන් අමතා මරණ තර්ජන කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව වාරියපොළ පොලීසිය පවසනවා.

වල්පොල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි අදාළ විමර්ශන අරඹා ඇත්තේ.

අදාළ විදුහල්පතිනියට ඊයේ (22) පාසල් වේලාව තුළ කිසියම් පුද්ගලයෙකු විසින් දුරකථනයට අමතා තමන්ව පාසලින් එළවා දමන බව පවසමින් මරණීය තර්ජන සිදුකළ බවටයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

එලෙස තර්ජනාත්මක ඇමතුම ලබාගත් දුරකථන අංකය ද පොලීසිය වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර,අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව දුරකථන විශ්ලේෂණ වාර්තා මත ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
3
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38