spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුහල්පතිනියකට මරණීය තර්ජන කළ තැනැත්තෙකු සොයා විමර්ශන

පාසල් වේලාව තුළ විදුහල්පතිනියකට දුරකථනයෙන් අමතා මරණ තර්ජන කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව වාරියපොළ පොලීසිය පවසනවා.

වල්පොල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි අදාළ විමර්ශන අරඹා ඇත්තේ.

අදාළ විදුහල්පතිනියට ඊයේ (22) පාසල් වේලාව තුළ කිසියම් පුද්ගලයෙකු විසින් දුරකථනයට අමතා තමන්ව පාසලින් එළවා දමන බව පවසමින් මරණීය තර්ජන සිදුකළ බවටයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

එලෙස තර්ජනාත්මක ඇමතුම ලබාගත් දුරකථන අංකය ද පොලීසිය වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර,අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව දුරකථන විශ්ලේෂණ වාර්තා මත ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
3
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?