විදුලි උපකරණ අලෙවිසැල ගින්න ගැන නිට්ටඹුව පොලිසියෙන් විමර්ශන

නිට්ටඹුව නගරයේ පිහිටි විදුලි උපකරණ හා යන්ත්‍රෝපකරණ අලෙවිසැලක අද (23) රාත්‍රී 07.30ට ගින්නක් හටගෙන තිබුණා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.