විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ශික්ෂණලාභීන් පිරිසකට ලබන මාසයේ ගුරු පත්වීම්

විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ශික්ෂණලාභීන් 7,800කට ගුරුපත්වීම් ලබාදීම ලබන ජුනි මස 15 දින සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාසල් පද්ධතියේ කාලීන තත්ත්වය පිළිබඳ සලකා බැලෙන විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳව අනාවරණය කෙරුණා.

උපාධිධාරී ගුරුපත්වීම් සහ විදුහල්පති පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානයය යොමුව තිබෙනවා.

එමෙන්ම විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි එම අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට විභාග කාල සටහන යාවත්කාලීන කිරීමට බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම ද මෙහිදී සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16