වාහනේ ගෙදර තියලා පොදු ප්‍රවාහනයේ ගියොත් රටට වාසි ගොඩයි

පුද්ගලික වාහනවලින් ගමන් බිමන් යන ජනතාව සියයට දහයකින් පොදු ප්‍රවාහනයට එක් කරගැනීමට හැකියාවක් ඇත්නම් රජයට රුපියල් බිලියන විසි හයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (තොරතුරු කළමනාකරන) හර්ශ වික්‍රමසිංහ පැවසුවේය.

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජනතාව තවත් සියයට දහයකින් පොදු ප්‍රවාහන සේවයට එක් කරගැනීමට රජය සමත් වේ නම් රුපියල් බිලියන හතක ඉතිරියක් සිදුකරගැනීමට හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පොදු ප්‍රවාහන සේවයේ පවතින දුර්වලතා නිසා සෑම වසරකම සියයට එකක් පමණ වන පිරිසක් පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත්ව තම පුද්ගලික වාහනයක් මිලදී ගැනීමට යොමු වන බව හෙතම අවධාරණය කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.

” බස්වල කවුරුත් අද යන්න කැමති නැහැ මොකද ජනතාවට කිසිදු පහසුමක් ලැබෙන්නේ නැහැ. පොල් පටවල වගේ දාගෙන යනවා මිනිස්සුන්ව. ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ ජනතාවගේ. ඒ වගේම සැපපහසුවට යන්න පුළුවන් බස් තියෙනවනම් මිනිස්සු වාහනවලට වැඩි වශයෙන් යොමු වෙන්නේ නැහැ. අපේ රටේ බස් ටික බැලුවම සමහර ඒවා කැඩිලා ආසන ඒ වාගේම කිසිදු පිළිවෙළක් නැහැ. ගමනක් යන්න හිතෙන්නේ නැහැනේ. මේ ටික අපි දියුණු කරගත්තොත් නම් මිනිස්සු පොදු ප්‍රවාහනයට ඉබේම කැමති වෙනවා, ඒකෙන් වෙන්නේ අධික තදබදය නැති වෙනවා රටට සල්ලි ටිකත් ඉතුරුයි. තෙල් ප්‍රශ්න උනත් ලොකුවට බලපාන්නේ නැහැ. දුම්රිය පද්ධතියත් අපි මීට වඩා සංවර්ධන කරන්නට ඕනේ. මේ ටික කරගත්තානම් කිසිම අවුලක් වෙන්නේ නැහැ ‘

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05