යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස ජුනි 04 වැනිදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට සිය කෘතඥතාව පළ කළ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු යුනිසෙෆ් සංවිධානය විසින් කඩිනමින් ලබාදුන් සහන සහ ප්‍රතිසාධන පැසසුමට ලක් කළා.

දරුවන් සඳහා වන නීතිමය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ ළමා මන්දපෝෂණය පිළිබඳ පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වටිනා අවස්ථාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුවක් පවතින නමුත්, දරුවන් සහ අවදානමට ලක් වූ කණ්ඩායම් මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමේදී එම ප්‍රතිපත්ති සහ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළා.

රජය ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ යුනිසෙෆ් නියෝජිතයෝ දරුවන් කේන්ද්‍ර කරගත් වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයට තවදුරටත් සහාය ලබාදීමට කැමති බව ද ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට යුනිසෙෆ් විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia), උප සභාපති Sophia Tesfamariam (Eritrea) , උප සභාපති Alejandra Hernandez Gonzalez (Dominican Republic) ඇතුළු යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08