ව්‍යාජ වීසා එක්ක ඔස්ට්‍රියාවට යන්න ගිය තරුණයන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

වංචනික වීසා බලපත්‍ර භාවිතා කරමින් ඕස්ට්‍රියාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එක් තරුණයෙකු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර අනෙක් තරුණයා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

මෙම තරුණයන් දෙදෙනා අද උදෑසන 07.30ට තුර්කි ගුවන් සේවයේ TK- 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් තුර්කි ගුවන් සේවා නිලධාරීන් හමුවේ තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ ඕස්ට්‍රියා වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ නිලධාරීන් මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බොරැල්ල ප්‍රදේශයේ තැරැව්කරුවෙකු විසින් ඒවා සකස් කර දුන් බව නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05