වසර 36ක කාලයක් ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය වටවල සිවා නන්දන් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පති මුතු කරුප්පත්තිවේල් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් අද (11) පැවැත් වුණා.
වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා මෙන්ම එම පොලිසියේ නිලධාරින් සහ වටවල ප්‍රදේශවාසින් එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණා.
වටවල සිවානන්දන් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ ඔහු ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග සහජීවනය ඇති කිරිමෙහි ලා විශාල කැපවීමකින් කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.













