AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ නිවසකට ගිනි තබා දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට පහක් අල්ලයි

පසුගිය 24 වනදා වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබූ සිද්ධියට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් 05 දෙනා ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත බවයි.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට දින දෙකකට පසු ඇයගේ සැමියා ද රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙහිදී තුවාල ලැබූ වයස අවුරදු 02ක පිරිමි දරුවෙක්, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

නිවසට ගිනි තැබීමට සහ එහි නිවැසියන්ට පහරදීමට, මුහුණු ආවරණය කරගත් දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ තිබූ බවයි අනාවරණය වුණේ.

දීර්ඝ කාලයක් පැවති පෞද්ගලික ආරවුලක් මෙම අපරාධය සිදුකරන්නට හේතු වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මේ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
0
+1
2
+1
11
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56

?