spot_imgspot_img

වර්ෂයේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 60ක් – 36 දෙනෙක් ජීවිතක්ෂයට

මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 60ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ඉන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස මියගිය පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් මියගිය අය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස සිදුකළ වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම ඊයේ (21) රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රත්මලාන දුම්රිය ස්ථාන අසළ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කුකුළු මස් කඩයක් පවතවාගෙන ගිය අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි තැබීම පිළිබඳව විමර්ශන සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරලිය නිවාස, රත්මලාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන සිංහාර අනුර දේශප්‍රිය හෙවත් කලුවා නැමති පුද්ගලක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර, වෙඩි තැබීම සඳහා විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?