වර්ෂයේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 60ක් – 36 දෙනෙක් ජීවිතක්ෂයට

මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 60ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ඉන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස මියගිය පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් මියගිය අය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස සිදුකළ වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම ඊයේ (21) රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රත්මලාන දුම්රිය ස්ථාන අසළ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කුකුළු මස් කඩයක් පවතවාගෙන ගිය අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි තැබීම පිළිබඳව විමර්ශන සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරලිය නිවාස, රත්මලාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන සිංහාර අනුර දේශප්‍රිය හෙවත් කලුවා නැමති පුද්ගලක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර, වෙඩි තැබීම සඳහා විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24