වන වගා රක්ෂිතයක ගින්නක් – ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි

හැටන්, සිංගිමලේ රක්ෂිතයට යාබදව පිහිටි, යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද පස්වරු 2ට පමණ එම වන වගා රක්ෂිතයේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න පැතිර යන රක්ෂිතය වතු සමාගමකට අයත් රක්ෂිතයක් වන අතර, ගින්න වතු කම්කරුවන්ගේ සහය ඇතිව පාලන කරන ලෙසටයි වතු පාලන අධිකාරියට දැනුම් දී ඇත්තේ.

හැටන් ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි නිලධාරීන් සැක පළ කරනවා.

රක්ෂිතවලට මෙලෙස ගිනි තබන අය පිළිබඳව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ තම කාර්යාලයට දැනුම් දෙන ලෙසයි එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?