වනිඳුගෙන් තිසරට පිතිකරණයට ඇරයුම්

ලංකා ප්‍රීමියර් ලීගයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මීට ටික වේලාවකට පෙර (02) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

එහි කණ්ඩායම් නායක වනිඳු හසරංග තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට ප්‍රතිවාදී කොළම්බුය් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙත ඇරයුම් කිරීමටයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට කොළඹ කණ්ඩායම මෙවර ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිය පළමු තරගයට පිතිකරණයෙන් එක් වනු ඇති.

එහි නායකත්වය තිසර පෙරේරා හට හිමි ව තිබෙනවා.

කැන්ඩි කණ්ඩායම ඊයේ (01) තමන් මුහුණ දුන් පළමු තරගය දඹුල්ල සික්සර්ස්වරුන්ට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි.