පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්රහාර මාලාව සිදුවීමට පෙර, 2018 ඔක්තෝබර් 1දා සිට 2019 ජනවාරි 16 දා දක්වා පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්රදේශයේදී ත්රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම, සහරාන් හශීම් හා හා මොහොමඩ් හස්තූන් සමග ගිනි අවියක් සජීවී උණ්ඩ 12ක් ඇතුළු පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය වන ද්රව්ය තොගයක් නීතයානුකූල බලයක් නොමැතිව රැස්කිරීම ඇතුළු අධි චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරුවන් බවට නිගමනය කළ මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා ඇතුළු පස් දෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 12 සහ 10 බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුවා.
එහි දඬුවම් නියම කර නැති හයවන විත්තිකරු වන සාජිත් මවුලවී වරද පිලිගැනිම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද (29) දින යළි නඩුව කැඳවනු ලැබුවා.
ඒ අනුව, සාජිත් මවුලවි අද (29) දින බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළා.
මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබුවා.
එහිදි විත්තිකාර මෙහෛාමඩ් සාජිත් හෙවත් සාජිත් මවුලවි සඳහන් කළේ නඩුවේ චෝදනා සම්බන්ධයෙන් ලේඛන තමා තවමත් අධ්යනය කරන බවත්, එමෙන්ම එම චෝදනා පිලිගැනිම සම්බන්ධයෙන් සිය පවුලේ අයත් සමඟ සාකච්ඡා කිරිමට අවශ්ය බැවින් තවත් දින ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එහිදි එකී ඉල්ලිම සකා බැලු විනිසුරු මඩුල්ල බන්ධනාගාරයට නියෝග කලේ විත්තකරුට ඔහුගේ පවුලේ ඥාතීන් හමුවී සාකච්ඡා කිරිමට අවශ්ය පරිසරය සකස් කර දිමට පියවර ගන්නා ලෙසයි.
ඉන් අනතුරුව නඩුව ලබන නොවැම්බර් 05 යලි කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එදිනට පෙරවරු 08.00 වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.
පුත්තලම මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනකු පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් වීම නිසා එම නඩු සමගාමීව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයට මාරු කෙරුණා.
ඒ අනුව පුත්තලම මහාධිකරණය ඉදිරියේ විභාග වූ සාක්ෂි පිළිගෙන එතැන් සිට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණා.
මේ වන විට මියගොස් සිටින ෂැංග්රිලා සහ කටුවාපිටිය බෝම්බකරුවන් වන සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු වන මොහොමදු හස්තූන් සමඟ එක්ව ගිනිඅවි, පුපුරන ද්රව්ය සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය ද්රව්ය තොගයක් නීත්යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම සහ එම ද්රව්ය භාවිත කර පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීම, ඒවා එකතු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
එම චෝදනාවලට අමතරව සාහසික ක්රියා ඇති කිරීම මඟින් විවිධ ජන කොටස් නැතහොත් ආගමික කණ්ඩායම් අතර වාර්ගික, ජාතිවාදී අදහස් ව්යාප්ත කිරීම මඟින් එදිරිවාදිකම් ඇති කිරීමේ චෝදනාව යටතේ ද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබෙනවා.
ලැක්ටෝස්වත්තේ තිබී යූරියා නයිට්රේට් කිලෝග්රෑම් 100කට අධික ප්රමාණයක් ඇතුළු විශාල පුපුරන ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. තවද එහිදී ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ 12ක්, පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නයිට්රික් ඇසිඩ් සහ යූරියා තොගයක්, තුවක්කුවක්, සජීවී වෙඩි උණ්ඩ 12ක් සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලැක්ටෝස්වත්ත ඉඩමේ හිමිකරු වන පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් හෙවත් අබු දහිදා හට පාස්කු චුදිතයන්ට පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සඳහා ඉඩම බදු දීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබෙනවා.
පළමු චුදිත අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා)ට අමතරව අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොමඩ් ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොම්මදු ඊබ්රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි) යන පස් දෙනා වරද පිලිගෙන මේ වන විට සිරදඬුවම් නියම කර තිබේ.
මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් (සාජිද් මවුලවි) යන අය නඩුවේ සෙසු විත්තිකරුයි.
විත්තිකරුවන්ට එරෙහිව 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනතේ 2(1)ඊ සහ 3(ආ) වගන්ති යටතේ සහ 2011 අංක 41 සහ 2013 අංක 03 දරන පනත්වලින් සංශෝධිත 2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනතේ 3(2අ) සමඟ කියවිය යුතු 3(4) වගන්ති යටතේ අධිචෝදනා 14ක් ගොනුකර ඇත.
රජයේ අධි නීතිඥ සජිත් බණ්ඩාර පැමිණිල්ල මෙහෙයවිය වනු ලැබුවා.
පුපුරන ද්රව්ය, යූරියා සාම්පල සහ විත්තිකරුවන්ගේ දුරකතන වාර්තා ඇතුළු නඩු භාණ්ඩ 92ක් හා සාක්ෂිකරුවන් 57 දෙනකු පැමිණිල්ල විසින් නම් කර ඇත. විත්තිකරුවන් ත්රස්ත පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බව කියන පුත්තලම, කුරුණෑගල, කැකුණගොල්ල සහ උලපනේ යන ප්රදේශවල සිවිල් සාක්ෂිකරුවෝ සහ රජයේ නිලධාරීහු කිහිපදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් අතර වනවා.
