Indian Premier League

වනඅලි පහරදීමකින් පුද්ගලයකු මරුට

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (19) අලුයම් කාලයේ දී හොරොව්පොතාන – අලපත්තෑව ප්‍රදේශයේ ගෙවත්තක දී මෙම ඛේදවාචකය සිදු ව ඇති බවයි.

වනඅලි පහරදීමෙන් මියගොස් ඇත්තේ අලපත්තෑව, සියඹලාවැව පදිංචි ව සිටි පියදාසගේ අමිල ප්‍රදීප් කුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයෙක්.

තම අවශ්‍යතාවක් සඳහා අලුයම් කාලයේ නිවසේ දොර විවෘත කර එළියට පැමිණි අවස්ථාවේ එම ගෙවත්තේ සැඟව සිට ඇති වනඅලියකු ඔහුට පහර දී තිබෙන බවයි වාර්තාකරු පැවසුවේ.

වනඅලියාගේ පහරකෑමට ලක්ව සිය ගෙවත්තේ වැටී සිටි ඔහු ප්‍රතිකාර සඳහා කඩිනමින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කෙරුණ ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?