ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘ සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නයි.

මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා අගමැති කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙම උත්සවයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද සහභාගී වීමට නියමිතයි.

මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයක්. ළමුන් යනු රටක අනාගතයයි. වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසක්. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතක් වීම හේතුවෙනුයි ළමුන් සහ වැඩිහිටියන් සදහා ජාත්‍යන්තර දින වෙන්වී ඇත්තේ.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබනවා. එක් එක් රටවල වසරේ විවිධ දිනවලදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයක්.

1925 දී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී “ලෝක ළමා දිනය” සැමරීමට දිනයක් ‍යොදා ගත යුතු බව, ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සඳහා සුදුසු දිනයක් තෝරා ගත යුතු බවට තීරණය කෙරුණේ, 1954 වසරේ දීයි.

1856 වසරේ ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් පළමුවැනිදා වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, 1990 වසරේදීයි.

1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවා. ලෝක වැඩිහිටි දිනය ද ඔක්තෝම්බර් පළමුවෙනිදාට සමරනු ලබනවා.

දියුණු රට වල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් දියුණු වෙමින් පවතින අප රට වැනි රට වල අවුරුදු 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් සැලකෙනවා. රටක ජනගහනය ප්‍රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරණය කෙරෙන අතර, උපතේ සිට වයස අවුරුදු 14 දක්වා ළමා ජනගහනය ලෙසත්, අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය ශ්‍රම බලකාය ලෙසත්, 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසටයි සැලකෙන්නේ.

ළමා ජනගහනය අනාගත නිෂ්පාදකයන් නියෝජනය කරයි. වර්තමානයේ සෘජුවම ආර්ථිකයට දායක වන්නන් ශ්‍රම බලකායයි. විශ්‍රාම යන වයස් වල පසුවන්නන් වියපත් ප්‍රජාවයි. වර්තමානයෙහි ළමා ජනගහනය අඩු වීමත්, වියපත් ජනගහනය ක්‍රමිකව වැඩි වීමත් දැකිය හැකිය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වීමයි.

වියපත් ජනගහනය තුළද වයස් කාණ්ඩ හදුනාගත හැකි අතර 60 – 70 වයස් කාණ්ඩය වියපත් ජනගහනයේ වැඩි පිරිසක් නියෝජනය කරයි. ඔවුන්ගේ බහුතරයක් තුළ මනා සෞඛ්‍යයක් ඇති අතර හොද කාර්යක්ෂමතාවක්ද පවතිනවා.

අන් වයස්වල වියපත් ජනගහනයට සාපේක්ෂව මොවුන් ආර්ථිකයට ඵලදායී ලෙස යොදාගත හැකි පිරිසක්. මොවුන් රටට සම්පතක් ලෙස සිතා කටයුතු කළ යුතුයි. විශ්‍රාම යාමෙන් පසු බොහෝ වැඩිහිටියන් කිරීමට දෙයක් නොමැතිව මානසික පීඩනයෙන් පසු වීම නිසා බොහෝ විට රෝගාතුර වනවා.

ළමුන් සහ වැඩිහිටියන් පිළිබදව කොතෙකුත් කතා කළද නිසි පිළිසරණක් නොමැතිව අසරණ වුණු ළමුන් සහ වැඩිහිටියන් ලොව සෑම තැනකම වනවා.

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් අප රටෙහිද වර්තමානය වන විට ළමුන් සහ වැඩිහිටියන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා.

ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

“අප මේ ගත කරමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක යුගයකි. එම අභියෝග මතින් මේ රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි දැන් උර දී සිටින්නෙමු.

එසේම 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමන් මගෙහි නියමුවන් වන්නේ වත්මන් දරු පරපුරයි. ඊට සරිලන ලෙස දරුවන් නව තාක්ෂණ දැනුමෙන් හා හැකියාවන්ගෙන් සන්නද්ධ කරමින් අභියෝග භාරගත හැකි සමබර පෞර්ෂයකින් යුත් ඵලදායි පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට ද අප මේ වන විටත් පියවර ගෙන ඇත්තෙමු.

දියුණු ශ්‍රී ලංකාවේ අභිමානවත් කොටස්කරුවන් වීමට අද දවසේ නිසි ලෙස තම අධ්‍යාපන කටයුතුවල නිරතව අවශ්‍ය දැනුම ලබා ගැනීමට රටේ සියලු දරුවන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි.

එසේම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අප සමරන්නේ අනාදිමත් කාලයක් පුරා රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකය හමුවේ පිළිඹිබු කරමිනි.

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද සිහිපත් කරමින් සතුටින් පිරි ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
6
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?