ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහතට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සිඝ්‍රයෙන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් සමනය වන බවට ඉඟි පළ වීම නිසාවෙන් මෙලෙස බොරතෙල් මිල පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන්ව පැවති අතර, එය පසුගිය සතියට සාපේක්ෂව සියයට 16කින් මිල පහත වැටීමක් බවයි සඳහන් වන්නේ.

මෙය 2020 වසරෙන් පසු සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, WTI බොරතෙල් මිල ද සතියක් තුළ සියයට 12කින් පමණ පහත වැටී ඇති අතර එම බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90ක් ලෙස සඳහන් වුණා.

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් අවසන් වන බවට මත පළ වීමත් සමඟ මෙලෙස මිල පහත වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.