ලෝක වාර්තාවක් තැබූ තුන් හැවිරිදි වීරයා

ලොව ඉහළම ධාරණ ශක්තියක් ඇති දරුවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තිබෙනවා.

වයස අවුරුදු 03ක් වන මෙම දරුවා පදිංචි ව සිටින්නේ ගම්පහ – හුණුපිටිය ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

නමින් මොහොමඩ් ශම්ලාන් නමැති මෙම කුඩා දරුවා ‘Peoples Helping Peoples Foundation’ සමග චෝලන් ලෝක වාර්තා පොත් සමාගම එක්ව සංවිධානය කරන ලද ලෝක වාර්තා වැඩසටහනට සම්බන්ධ වී ඉන් ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ලෝක වාර්තාව තැබීමේ දී සලකා බලා ඇත්තේ විවිධ අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරගයින්, කෘමීන්, මත්ස්‍යයින්, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හඳුනාගෙන කටපාඩම් කිරීමයි.

මෙම වර්ගීකරණයන් මැනවින් කටපාඩම් කළ ‘ෂම්ලාන්ගේ’ නාමය මෙලෙස චෝලන් ලෝක වාර්තා පොතේ සටහන් වූයේ ලොව ඉහළතම ධාරණ ශක්තියක් පිරි දරුවා ලෙසට බවත් වාර්තා වනවා.

මොහොමඩ් ෂාබාන් සහ ෆාතිමා ඉබාසාගේ පුත් ‘මොහොමඩ් ෂම්ලාන්’

චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උප සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු මෙම වැඩසටහනේ විනිසුරුවන් ලෙස කටයුතු කළා.

ජයග්‍රහාකයාට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදාන උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වුණු අතර ‘ෂම්ලාන්ගේ’ ලෝක වාර්තාව එහි ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔහුට විනිසුරුවරුන් විසින් රාමුගත සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් ද පිරිනමා තිබෙනවා.

මෙම චෝලන් ලෝක වාර්තා වැඩසටහන සඳහා කැලණිය ප්‍රදේශයේ ග්‍රාම පරිපාලන නිලධාරී සුනිල් ශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජමියතුල් උලමා අල් හජ් නුහුමාන් ඉනාමි යන මහත්වරු ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13