ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරිය අනුදි ගුණසේකර

ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා.

ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින් අද (29) පස්වරුවේ මේ බව ලාංකික සුවහසක් ජනතාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මල්ටිමීඩියා තරග වටයෙන් ආසියාවෙන් ම පළමු වරට අනුශූරතාවක් දිනාගත් තරගකාරිණිය වන්නේ ද අනුදි ගුණසේකරයි.

එම තරග වටයේ ජය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හා භාග්‍යය ද අනුදිට හිමිවුණා.

ශ්‍රී ලාංකිකයින් වන අප සියලු ම දෙනාට මෙම ජයග්‍රහණය ඓතිහාසික මොහොතක් වන අතර මෙම ජයග්‍රහණයත් සමඟ, තරගකාරිණියන් 108 දෙනෙකුගෙන් බහුමාධ්‍ය (මල්ටිමීඩියා) අභියෝගයේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පත්වීමට ද අනුදි වාසනාවන්ත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
233
+1
3
+1
42
+1
6
+1
2
+1
9
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?