ලෝක එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා ශහීන් ෂා අෆ්‍රිඩි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා ලෙස පාකිස්තානයේ වේග පන්දු ක්‍රීඩක ශහීන් ෂා අෆ්‍රිඩි පත් ව තිබෙනවා.

ඊයේ (12) දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යාවත්කාලීන කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි අෆ්‍රිඩි හට මෙම ස්ථානය හිමිව ඇත්තේ.

ශහීන් ෂා අෆ්‍රිඩි ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින් සිය ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී මෙම මස පැවැත්වුණු එක්දින තරගාවලියේ දී අෆ්‍රිඩි විසින් දක්වනු ලැබූ දක්ෂතා හේතුවෙන් ඔහුට ප්‍රසාද ලකුණු 696ක් හිමිවීම නවතම ශ්‍රේණිගත කිරීම් හි මුදුනා වීමට හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

අෆ්‍රිඩි එක්දින තරග 56ක දී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 112ක්.

ඔහුගේ විශිෂ්ටතම පන්දු යැවීම වන්නේ ලකුණු 35කට කඩුලු 06ක් බිඳ දැමීමයි.

මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දක්නට ලැබෙන්නේ නැහැ.

දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ටත් තුන්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ්ටත් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දු බලඇණියේ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගට පමණක් මෙම ලැයිස්තුවේ මුල් 20 දෙනා අතරින් ස්ථාන හිමිව ඇති අතර තීක්ෂණ 12 වැනි තැනටත් වනිඳු 18 වැනි තැනටත් පත් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03