AFC Banner
AFC Banner
Empty Ad

ලෝක ආහාර වැඩසටහනෙන් ලැබුණු පොහොර තොගය ලාල්කාන්තගේ දෝතට (වීඩියෝ)

ශ්‍රී ලංකා රජයට ලෝක ආහාර වැඩසටහන යටතේ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් හිමි වුණා.

අද (12) පෙරවරුවේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ගොස් පිළිගනු ලැබුවා.

ලෝක ආහාර වැඩසටහන යටතේ ‘මියුරියේට් ඔෆ් පොටෑෂ්’ පොහොර තොගයක් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා 2024‑05‑06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.

ඊට අදාළ ත්‍රෛපාර්ශ්විය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem -Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් 2024‑09‑20 දින අත්සන් තබා ඇති බවයි පසුගියදා (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එකී පොහොර තොගය රැගත් නෞකාව පෙරේදා (10) දිනයේ දී මෙරටට පැමිණි අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ නිල උත්සවය අද මේ අයුරින් කොළඹ වරායේ දී සිදු කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් ‘වී හා වෙනත් භෝග’ සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවීන් වෙත බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22
Video thumbnail
වරායෙන් එළියට ගිය කන්ටේනර් ගැන - රටේ ජනතාවට ඇත්ත කියන්න
04:25

?