ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත ඔහුව අද (06) කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (05) ඇපමත මුදා හැරුණා.
එම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහුගේ බිරිඳ ද ඇපමත මුදා හැරීමටයි ඊයේ කටයුතු කළේ.














පොලිසියේ හිඟන කම පෙන්වන තවත් ශාක්ශියක්. ලොහාන්ලා අත් අඩංගුවට ගන්න නෙමේ එල්ලන්න තරම් වැරදි කරපු මිනිස්සු. ඒත් එදවස්වල පොලිසියට මිනිහට සැලුයුට් ගහනවා හැර මෙලෝ හසරක් නෑ, බලය තිබුන වෙලේ ඔය ඇක්සිඩන්ට් එක උනානම් අලාභානිය උන එකා ඇතුලට දායී. ලොහාන්ට තව කාලක් ගෙනැත්දෙයි. ලංකාවේ පොලිසියට ලොක්කො අතඩංගුවට ගන්න බලය නැතිවෙනක්ම් ඉන්න ඔනේ.