ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් යුද හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට (ඡායාරූප)

කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය පළමුවනදා සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.

එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්වී ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදු කර තිබෙනවා.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහයි සහාය වී ඇත්තේ.

යුද්ධ හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය පළමුවනදා කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිගින් සහ ග්‍රෑම් 801ක් බරින් යුක්තයි.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදු කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පෙන්වනු ලැබුවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල 2004 වසරේදී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13ක දිගකින් යුක්තයි. බරින් වැඩිම වකුගඩු ගල 2008 වසරේදී පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620ක් ලෙස සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
7
+1
7
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?