රෝහිනී නිසා නලීන් සහ හර්ෂ පාර්ලිමේන්තුවේ දී ඇවිලෙයි (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර අද (22) පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්නට අපහාසවන අයුරින් නලීන් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළ බව පවසමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

ඒ, අනුව අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරගන්නා ලෙසයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.

ඒ, සමඟ නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අතර මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.

මේ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශයෙන් මන්ත්‍රීනී රෝහිනී කවිරත්නට කිසියම් අගතියක් වූවානම් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මන්ත්‍රීනී රෝහිනී කවිරත්න පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහනාධාර දීලා දුප්පත්කම නැතිකරන්න බෑ
02:25
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න ගාල්ලේ බන්ධනාගාරයටත් දුම ගහයි
01:56
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33