රේල් පිලී උස්සන්න හොරුන් පැමිණි ඩක්කුවක් දුම්රියක ගැටී අනතුරක්

උතුරු දුම්රිය මාර්ගය නවීකරණයෙන් පසුව ඉවත් කරන ලද රේල් පීලි තොගයක් සොරකම් කිරීම සඳහා සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අද (15) අලුයම නඩත්තු කටයුත්තක් සඳහා දුම්රිය කාලසටහන ට භාහිරව ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් එම ඩක්කුව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 12.15 ට පමණ සොරුන් පිරිසක් විසින් නිර්මාණය කර ගන්නා ලද ඩක්කුවක් ආධාරයෙන් උතුරු දුම්රිය මාර්ගයට පැමිණ එම මාර්ගයේ 129 වන සැතපුම් කණුව ආසන්නයේ ගොඩ ගසා තිබූ රේල් පීලි සොරකම් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගොඩ ගසා තිබූ රේල් පීලි තොගයේ තිබූ පීලි 15ක් පමණ සොරුන් විසින් ගෑස් කටරයක් ආධාරයෙන් කපා වෙන්කර තිබූ අතර න් කැබලි 7ක් පමණ අනතුරින් පසුව දුම්රිය මාර්ගය දෙපස විසිරී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයේ සවිකර තිබූ කොන්ක්‍රීට් කැබලි කීපයකට සුළු හානි සිදුව තිබූ අතර අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් සිදුවී නැහැ.

මෙලෙස අනතුරකට ලක්ව තිබුනේ නඩත්තු කටයුත්තක් සඳහා කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ ‘යාල් රාණි’ දුම්රිය බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මෙම සොරකම සඳහා පැමිණි පිරිස සැලසුම් සහගතව එය සිදු කිරීමට පැමිණ ඇති බවටත් අදාළ වේලාව තුළ දුම්රියක් ගමන් නොකිරීම හේතුවෙන් කාලසටහනට බාහිරව හදිසියේ දුම්රිය පැමිණීම හමුවේ සොරකම ව්‍යර්ථ වී ඇති බවටයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
72
+1
5
+1
2
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22