රේගුවෙන් ජනතාවට උපදෙසක්

රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා කියාසිටියේ රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් මෙම වංචනික කටයුතු සිදු වන බවයි .

මෙවැනි වංචා සම්බන්ධයෙන් දිනකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

විදේශයකින් වටිනා භාණ්ඩ ඇතුලත් පාර්සලයක් ලැබී ඇති බව පැවසීම, එම පාර්සලයේ විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ඇති බවට පැවසීම, මෝටර් රථයක ්ජයග්‍රහණය කර ඇති බවට පැවසීම මෙන්ම ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ත්‍යාගයක් එවා ඇති බවට පැවසීම වැනි විවිධ උපක්‍රම යොදා ගනිමින් ජනතාව රැවටීමේ සිදුවීම් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම රේගුවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සිදුවීම් ද වාර්තා වී තිබෙනවා.

මෙවැනි ඇමතුම්වලට රැවටී නාඳුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කටයුතු නොකරන ලෙසටයි ශ්‍රී ලංකා රේගුව ජනතාවට දැනුම් දෙන්නේ.

මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් තම ආයතනය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

WhatsApp Image 2023 08 20 at 09.49.36


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05