රේගුවෙන් ජනතාවට උපදෙසක්

රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා කියාසිටියේ රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් මෙම වංචනික කටයුතු සිදු වන බවයි .

මෙවැනි වංචා සම්බන්ධයෙන් දිනකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

විදේශයකින් වටිනා භාණ්ඩ ඇතුලත් පාර්සලයක් ලැබී ඇති බව පැවසීම, එම පාර්සලයේ විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ඇති බවට පැවසීම, මෝටර් රථයක ්ජයග්‍රහණය කර ඇති බවට පැවසීම මෙන්ම ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ත්‍යාගයක් එවා ඇති බවට පැවසීම වැනි විවිධ උපක්‍රම යොදා ගනිමින් ජනතාව රැවටීමේ සිදුවීම් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම රේගුවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සිදුවීම් ද වාර්තා වී තිබෙනවා.

මෙවැනි ඇමතුම්වලට රැවටී නාඳුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කටයුතු නොකරන ලෙසටයි ශ්‍රී ලංකා රේගුව ජනතාවට දැනුම් දෙන්නේ.

මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් තම ආයතනය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

WhatsApp Image 2023 08 20 at 09.49.36


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37