රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් ව සිටින රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අද ආරක්‍ෂක අමාත්‍යාංශ මූලස්ථානයේදී ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න හමු වී තිබෙනවා.

මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කළ බවයි එම අමාත්‍යංශය කියාසිටියේ.

පසුගිය නොවැම්බර් මාසයේදී රුසියානු තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණි Dzhagaryan මහතා පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.

හමුවෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ රුසියානු තානාපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?