රුමේෂ්ගේ තරගය අද හවස 4.45ට

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග ඉසව්ව මෙරට වේලාවෙන් පස්වරු 4.45ට ආරම්භවීමට නියමිතයි.

ඒ, අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග අද දිනයේ තරග බිමට පිවිසෙනවා.

ආසි­යානු ක්‍රීඩා උලෙළේ ඔහු සහ­භාගි වන හෙල්ල විසි­කි­රීමේ ඉසව්වේ මූලික තර­ගය ඊයේ පෙර­ව­රුවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණ ද, ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුගේ ලියා­ප­දිං­චිය ඉව­ත්වීමේ හේතු මත මූලික තරග අව­ලංගු කොට අව­සන් තර­ගය පැවැත්වීම සුදුසු බවට සංවි­ධා­ය­කයින් තීර­ණය කළා.

මේ අතර රුමේෂ් තරංග වෙනුවෙන් ස්වීඩනයෙන් ගෙන්වන ලද නව හෙල්ලය පසුගිය 24 වනදා ජපානයේ දී රුමේෂ් තරංග වෙත භාරදී තිබෙනවා.

රුමේෂ් තරංග වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් එම හෙල්ලය ආනයනය කළා.