රුපියල් 200ට නැග්ග පොල් මිල ශීඝ්‍රයෙන් පහතට බසියි

දේශීය වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා.

හැටන් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොල් අලෙවිය ඉහළ යෑම මෙම මිල ගණන් පහත බැසීමට හේතුව බවයි.

එමෙන්ම පොල් මිල පහත බැසීමත් ආදායම සරුවීමත් හේතුවෙන් වෙළෙඳුන්ගේ අතමිට සරු බව ද ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුගිය මාස කිහිපය තුළ පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරනවා.

ඇතැම් වෙළෙඳුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙවි කළ බවත්, එම කාලයේ පොල් අලෙවිය අඩු වීම හේතුවෙන් ආදායම් තත්ත්වය ද පහළ ගොස් තිබූ බව ද හැටන් නගරයේ වෙළෙඳුන් පවසනවා.

ඉදිරි මාස කිහිපය තුළ පොල් මිල මීට වඩා අඩු වන බවත්, දැනට වෙළෙඳපොලේ ඉල්ලුමට වඩා සැපයුමක් පොල් ලැබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?