රුපියල් 200ට නැග්ග පොල් මිල ශීඝ්‍රයෙන් පහතට බසියි

දේශීය වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා.

හැටන් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොල් අලෙවිය ඉහළ යෑම මෙම මිල ගණන් පහත බැසීමට හේතුව බවයි.

එමෙන්ම පොල් මිල පහත බැසීමත් ආදායම සරුවීමත් හේතුවෙන් වෙළෙඳුන්ගේ අතමිට සරු බව ද ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

පසුගිය මාස කිහිපය තුළ පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරනවා.

ඇතැම් වෙළෙඳුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙවි කළ බවත්, එම කාලයේ පොල් අලෙවිය අඩු වීම හේතුවෙන් ආදායම් තත්ත්වය ද පහළ ගොස් තිබූ බව ද හැටන් නගරයේ වෙළෙඳුන් පවසනවා.

ඉදිරි මාස කිහිපය තුළ පොල් මිල මීට වඩා අඩු වන බවත්, දැනට වෙළෙඳපොලේ ඉල්ලුමට වඩා සැපයුමක් පොල් ලැබෙන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39