ශ්‍රී ලංකා පන්දු බළඇණිය එංගලන්ත පිතිකරුවන් මෙල්ල කරයි – ජයග්‍රහණයට 147ක ඉලක්කයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී 146ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆිල් සෝල්ට් පන්දු 40 කදී ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 26කට කඩුලු 03ක් බිඳ දැමුවා.

කලකට පසු යළිත් සිය රිද්මයට පැමිණි මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 04 තුළ ලකුණු 21ක් පමණක් ලබා දී එංගලන්ත ඉනිමේ කඩුලු 02ක් දවාගත්තා.

වේග පන්දුවෙන් එංගලන්ත පිතිකරුවන්ට පීඩනය එල්ල කළ දුෂ්මන්ත චමීර පන්දුවාර 04ක් යවා ලකුණු 34ක් ලබා දී කඩුලු 01ක් බිඳ දැමුවා.

ඊට අමතරව ඩිල්ෂාන් මධුශංක ලකුණු 25ක් ලබා දී කඩුලු 02ක් බිද දමමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

ඒ, අනුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11