අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීමෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහාතාගේ උපදෙස් පරිදි, රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍යාගාරය වෙත විවෘත හදවත් සැත්කම් සඳහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබා දීමට ඊයේ (29) කටයුතු කර තිබෙනවා.
එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80ක් බවයි සඳහන් වන්නේ.
මෙරට රෝහල් පද්ධතිය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ මෙම උපකරණ ලබා දීම සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
1
+1
+1
1
+1




