spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.

රාමසාන් උත්සවය හෙට (22) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අදාළ මුස්ලිම් දේවස්ථානවල පූජකවරුන් සමග සහ සංවිධායකවරුන් සමග සාකච්ඡා කර අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් යෙදවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

පුද පූජා පැවැත්වෙන කාලසීමාවේ මෙන්ම නගර ආශ්‍රිතව රථ වාහන පාලනයට ද පොලිස් නිලධාරීන් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

අපරාධකරුවන් හඳුනා ගැනීමට මාර්ග බාධක යොදවා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අද දිනයේ පොලිසිය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නව් යුද හමුදාවේ සහාය ද ලබා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?