රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.

රාමසාන් උත්සවය හෙට (22) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අදාළ මුස්ලිම් දේවස්ථානවල පූජකවරුන් සමග සහ සංවිධායකවරුන් සමග සාකච්ඡා කර අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් යෙදවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

පුද පූජා පැවැත්වෙන කාලසීමාවේ මෙන්ම නගර ආශ්‍රිතව රථ වාහන පාලනයට ද පොලිස් නිලධාරීන් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

අපරාධකරුවන් හඳුනා ගැනීමට මාර්ග බාධක යොදවා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අද දිනයේ පොලිසිය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නව් යුද හමුදාවේ සහාය ද ලබා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39