රාජිත, දයාසිරි හා කෙහෙළියගේ ඇතුළු හිටපු ඇමතිවරුන් 12කගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර

ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අදාළ රාජ්‍ය බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය අවසර ලබා දෙමින් ඊයේ (21) මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ, අරමුදල් බෙදා හැරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව, විමර්ශනයට අවශ්‍ය සහයෝගය දැක්වීමට සහ අවශ්‍ය තොරතුරු සැපයීමට මහේස්ත්‍රාත්වරිය අදාළ රාජ්‍ය බැංකුවලට ද නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

මෙහිදී අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 36 දෙනෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදු කළ බවත් අනතුරුව ඉන් මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබුණා.

අප්‍රේල් 30 වැනිදා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මෙම විමර්ශනය සඳහා සහයෝගය දක්වන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට මෙන්ම විදේශ ලේකම්වරයාට ද නියෝග තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයට ඇතුළත් වූ මහජන නියෝජිතයින්ගේ නම් පහතින්,

පී.හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී.දයාරත්න, එස්.සී.මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ.ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, විදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ ඩී.එම්. ජයරත්න ඇතුළත්.

  1. අපතයො වෙනූවෙන් කාලය නාස්ති කරන එක අපරාදෙ, කාගෙන් බෙරුනත්, නිරයෙ ලොදිය සූදානම්
    don’t worry, හැලිය පැහැයෙන කම්
    නටපං.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22