රවීගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද දින (18) තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

ඒ අනුව එය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට භාර දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමේ පනත වශයෙන් මෙය නම් කර තිබෙන බවත් මෙය ඉදිරිපත් කිරීමේ අරමුණ පසුගිය කාලය තුළදී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවත් පසුගිය කාලය තුළ ඇති වූ යම් යම් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑ බවත් ඔහු පවසනවා.

විශේෂයෙන්ම කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට දැඩිව ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුව ඇති බවයි රවී කරුණානායක වැඩිදුරටත් පවසා සිටියා.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට යම්කිසි සහනයක් ලබාදීම සඳහා මෙම පනත කෙටුම්පත මගින් තමා යෝජනා කරන බවත් විශේෂයෙන්ම ඔවුන්ට දැනට අයකර තිබෙන පොලියට යම් සහනයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවත් විශේෂයෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක වන නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත් ඔවුන්ගේ දේපළ බැංකුවලට සින්නවීමේ යම් අවධානමක් ද පවතින බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සහයෝගය හිමිවනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54