AFC Banner
AFC Banner
Empty Ad

රනිල්ගෙන් ජනපති අනුරට සහ රජයට ප්‍රශංසා (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩපිළිවෙළට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් රජයට සිය සතුට ප්‍රකාශ කරන බව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් විසින් ඉදිකරන ලද තරුපන්තියේ හෝටලයක් වන අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින් හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී එය යළි ගොඩගැනීමට, රට තුළ ඇති ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කිරීම ප්‍රථමයෙන් සිදුකිරීමට තිබූ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ එක්ව සිටියා.

ඊයේ (30) දින විවෘත වූ අමාරි කලම්බෝ හෝටලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?