spot_imgspot_img
spot_img

රන් පදක්කමක් දිනූ තරුෂිට ජනපතිගෙන් සුබපැතුම්

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

අද (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කර තිබෙනවා.

එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
6
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?