රන්දොඹේ හෝටලය ඉදිරිපිට වෙඩි

කොළඹ – ගාලු ප්‍රධාන පාරේ රන්දොඹේ ප්‍රදේශයේ දුර ගමන් සේවා බස් රථ ආහාරපාන ලබා ගැනීමට නතර කරන හෝටලය ඉදිරිපිට අද (26) අලුයම වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද අලුයම 1.30ට පමණ කිසියම් පුද්ගලයෙකු පැමිණ අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

නාඳුනන වෙඩික්කරු වෙඩි තැබීමට පෙර අදාළ හෝටලයේ හිමිකරු පිළිබඳ ව විමසා ඇති බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?