AFC Banner
AFC Banner
Empty Ad

රථ වාහන තදබදයක් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

මරදාන ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව විසින් අද පෙරවරුවේ සිට එහි අලුත්වැඩියා කටයුතු සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙම මාර්ගයේ රථ වාහන තදබදයක් ඇතිවිය හැකි අතර අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි කොළඹ රථවාහන පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?