හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

2022 වසරේ මෑතක දී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කීප දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නෑ.

ඒ අනුව අදාළ සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් 11 දෙනෙකු මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියා.

පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව නීතිපති උපදෙස් වල ප්‍රගතිය ජුනි මස 30 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළා.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ භූමියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14