රත්මලාන ශ්රී ඥානේන්ද්ර මාර්ගයේ නිවසකට අද (05) උදෑසන 06.00ට පමණ අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී නිවසට අත්බෝම්බ ප්රහාර දෙකකක් එල්ල වී ඇති අතර ඉන් ඉන් එකක් පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්රහාරය එල්ලවන අවස්ථාවේ දී එහි නිවැසියන් රැඳී සිට ඇති නමුත් කිසි වෙකුටත් හානියක් සිඋව නොමැති බවද පොලිසිය සඳහන් කළා.













