රත්නපුර – හිදැල්ලන ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අද (27) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් පස්දෙනෙකු තත්ත්වය බරපතළ බවයි පොලීසිය සඳහන් කළේ.
රත්නපුර සිට කුරුවිට දෙසට ගමන් කළ ටිපර් රථයක් සහ අවිස්සාවේල්ලේ සිට රත්නපුර බලා ගමන් ගත් පුද්ගලික මගී ප්රවාහන බස්රථයක එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.










