spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට පුරා ඩෙංගු රෝගීන් 63,500ක් – වැස්සත් සමඟ තවත් ඉහළ යාමේ අවදානමක්

මෙම වසරේ අද දිනය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 63,500ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

(19) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ පැවසුවා.

මේ අතර දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 100ට අඩු බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මෙම මස අවසන් සතිය තුළ දී විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?