රට ගමන් තහනම නිසා සන්දීප් ලමිච්චන් තුන්කොන් තරගාවලියෙන් එළියට විසිවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන නේපාල සංචිතයෙන් පා දඟ පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලමිච්චන් ඉවත්කර තිබෙනවා.

පුද්ගලයෙකුට ලිංගික බලහත්කාරකම් කිරීමේ චෝදනාව ලැබූ සන්දීප් මේ වනවිට ඇප මත නිදහස්ව සිටින අතර, ඔහුට විදේශගත වීම වළක්වාලමින් ඇප කොන්දේසියක් පැනවීමට අධිකරණය කටයුතු කළා.

කෙසේ වෙතත් නේපාල සංචිතයේ පා දඟ පන්දු යනන්නෙක් නොමැතිවීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය සඳහා කැඳවාගෙන යාමට නේපාල ක්‍රිකට් ආයතනය අධිකරණ අවසරය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියා.

පසුව නේපාල ක්‍රිකට් ආයතනය එම උත්සාහය අතහැර දමමින් සන්දීප් ලමිච්චන් ඉවත්කර නේපාල සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පැපුවා නිව්ගිනියාව මෙම තුන්කොන් තරගාවලිය සඳහා එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?