ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව මඟින් අද (13) පෙරවරු 10.00ට නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙනේ නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්වලට මෙන්ම වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ඒ, අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි අදාල නිවේදනය මඟින් දක්වා තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.













