AFC Banner
Empty Ad
Empty Ad

රටවල් රැසක් නව අවුරුදු සැණකෙළි නවතයි

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ ගාසා තීරයේ වහා සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම්වලට සහයෝගය පළ කරමින් මේ රටවල් ඔවුන්ගේ නව අවුරුදු උදාවේ උත්සව සියල්ල නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල නත්තල් සැමරුම් යටපත්වීමෙන් පසුව දකුණු ලෙබනනය, ඉරාකය සහ සිරියාව සහ අනෙකුත් රටවල් අලුත් අවුරුදු උත්සව සැමරුම් නැවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගය දැක්වීම සඳහා නව අවුරුදු සැමරුම් තහනම් කරන බව පකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයක් වන සාජා ද අලුත් අවුරුදු සැණකෙළි තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත් සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය ද නව වසරේ නව වසරේ සැමරුම් සිදු කරන අතර ලොව පුරා බිලියන ගණනක් ඒ සඳහා එක්වනු ඇති බව සඳහන්.

පලස්තීන වර්තාවලට අනුව ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ආරම්භ වූ යුද්ධයෙන් ගාසා තීරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මේ වනවිට පුද්ගලයන් 21,822 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?