රජයේ ඉඩම් කාලයට ගැළපෙන පරිදි භාවිතයට නව ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි – ජනපති

රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත කටයුතු අංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති උපදේශක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්), ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, තක්සේරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයා (ඉඩම්) කටයුතු කරනවා.

කමිටුවේ කැඳවුම්කරු ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පත් කරනු ලැබ සිටිනවා.

පවත්නා නෛතික ප්‍රතිපාදන තුළ රාජ්‍ය ආදායම් හිතකර අයුරින් වර්ධනය වන ලෙස බදුකරුවන් අගතියට පත් වීමකින් තොරව බදු අය කිරීමේදී විශ්වාසනීය, ඒකාකාරී සහ නිත්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා දීර්ඝකාලීන බදු ලබා දීමේදී සහ නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන වාර්ෂික බදු මුදල් නැවත සමාලෝචනය කිරීම, දීර්ඝකාලීන බදු ලබා දීම්වලට අදාළ අනෙකුත් චක්‍රලේඛවල වර්තමානයට අදාළ ගැළපුම් සිදු කිරීම, එම චක්‍රලේඛ අවශ්‍යතාවලට සහ නීතිමය ප්‍රතිපාදනවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම, චක්‍රලේඛවලට අදාළ නියෝග සංශෝධනය කිරීම සහ නව නියෝග සකස් කිරීම සඳහා නිර්දේශ ලබාදීම මෙම කමිටුවේ කාර්යභාරය වනවා.

ඒ අනුව, එම චක්‍රලේඛ සංශෝධනයට අදාළව කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

රජයේ ඉඩම් ඌණ භාවිතය මගහරිමින් කාලයට ගැළපෙන පරිදි නව ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර පතිරණගේ, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීරආරච්චි, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ජේ.ජී.එල්.එස්. ජයවර්ධන, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය දෙපාර්තමේන්තුව) ඩී.ඒ. අසන්ත ගුණසේකර, ඉඩම් කොමසාරිස් (බදු අංශය) පී.කේ.සී. නිලානි මහින්දඥානම් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝද, මුදල් අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42